Friday, April 26, 2024

General line - 0115112241

"ආණ්ඩුවේ අර්බුද වසා ගන්න තනතුරු දෙනවා"



අලුතින් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම සිදු වූයේ ආණ්ඩුවේ අර්බුදය වසා ගැනීමට බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පවසනවා.

ඒ, ඊයේ (13) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

රටේ සිදු වූ මහා පරිමාණ වංචා පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම තමන්ද සමාජිකයෙකු වන කෝප් කමිටුවට පැවරෙන ප‍්‍රධාන කාර්යභාරයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත‍්‍රී 7.30 සිට සජීවීව ප‍්‍රචාරය වනවා.

ඊයේ විකාශය වූ සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.
 
 

-------------------------

"ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් තියෙනවාද?" - ජාතික නිදහස් පෙරමුනෙන් පිළිතුරු 

(14-06-2018 07:04)

 

ඒකාබද්ධ විපක්ෂය තුළ කිසිඳු බෙදීමක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට එරෙහිව සියලූ දෙනා නැගී සිටීමෙන් එය පැහැදිලි වන බවයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

එම යෝජනාවට එරෙහිව පළමුව විරෝධය පළ කළේ තම පක්ෂය බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.