Friday, April 26, 2024

General line - 0115112241

"SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් " වසර 10ක ගමන උත්සවාකාරයෙන් සමරයි




මෙරට වඩාත් කීර්තිමත් සමාගම් අතරේ ඉහළින්ම රැඳෙන ශ‍්‍රී ලංකා ටෙලිකොම් හෙවත් SLTහී පූර්ණ අනුබද්ධිත ‘SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස්’ සමාගමට වසර 10ක් සපිරීම ඉකුත්දා උත්සවාකාරයෙන් සමරනු ලැබුවා. 

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රධාන අමුත්තා ලෙසින් සහභාගී වූ මෙම උත්සවයේදී ‘SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ’ හී වසර 10ක සේවා කාලය සපිරූ සේවකයන් 290ක් ඇගයීමට ලක් කෙරුණා. එම සමාගම සමග ස්ථාවර කොන්ත‍්‍රාත් ක‍්‍රමයට බැඳී සිටි සේවකයන් 530ක් වෙත සේවා ස්ථිර කිරීමේ ලිපි ප‍්‍රදානයද මෙහිදී සිදුකෙරුණා.

ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී කුමාරසිංහ සිරිසේන, ‘SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ’ හී ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි,‘SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ’අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා.

සමාගමට වසර 10ක් සපිරීම නිමිත්තෙන්  SLT සමූහයේ සභාපති පී.ජී කුමාරසිංහ සිරිසේන  විසින් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  වෙත විශේෂ සමරුවක් පිරිනැමීමද මෙහිදී සිදු වුණා.‘SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ’ හී ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි ද ඡායාරූපයේ වේ.