Friday, April 26, 2024

General line - 0115112241

SB සහ දයාසිරි තවදුරටත් 16යේ කණ්ඩායම සමගයි - බලය ඇල්ලීමේ අරමුණ ගැන තිලංග කතා කරයි



පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බී. දිසානායක සහ දයාසිරි ජයසේකර තවදුරටත් දහසයේ කණ්ඩායම සමග සිටිනු ඇතැයි එහි සාමාජික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

දහසයේ කණ්ඩායම සිදු කරන්නේ ජනාධිපතිවරයාගේ කොන්ත‍්‍රාත්තුවක් බවට ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනාවට ද මෙහිදී ප‍්‍රතිචාර පළ වුණා.

තම අභියෝගය සංඛ්‍යා වැඩි කර ගැනීමට වඩා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ බලය ශක්තිමත් කර ගනිමින් ආණ්ඩු බලය ලබාගැනීම බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහන පහතින් දැක්වෙයි.