Friday, April 26, 2024

General line - 0115112241

දඩ වැඩි කිරීමෙන් පමණක් මාර්ග අනතුරු අඩු කරන්න බැහැ



ස්ථානීය දඩ වැඩි කිරීමෙන් පමණක් මාර්ග අනතුරු අවම කිරීමට නොහැකි බව විද්වතුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ස්ථානීය දඩ මගින් ද  විනීතව රිය පැදවීමට රියදුරන්ට යම් පෙළඹවීමක් ඇති කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් - කණපිට වැඩසටහනේදී විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඇල්ෆ‍්‍රඞ් විජේවර්ධන ද මේ පිළිබඳ කරුණු දැක්වූවා. 

මෙම වැඩසටහනට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පැවසුවේ රියදුරු බලපත‍්‍ර ලබාදීම සඳහා වන විෂය නිර්දේශය ද සංශෝධනයකට ලක්කළ යුතු බවයි.