Saturday, April 27, 2024

General line - 0115112241

මේ ගතවන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවකින් පසුවන කාලයයි



මේ ගතවන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මව්පියන් වැඩි අවධානයකින් සහ වැඩි උනන්දුවකින් පසුවන කාලයක්.

ඒ, ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය ඉදිරි දින කිහිපයකදී ආරම්භවීම හේතුවෙන්.

‘‘ශිෂ්‍යත්ව විභාගයට පෙර’’  ඒ, ඊයේ  (24) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේ මාතෘකාවයි. 

ඇති සීමිත දින කිහිපයේදී ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන්නේ කෙසේදැයි ඊට එක්වූ ප‍්‍රවීණ ශිෂ්‍යත්ව දේශක පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් පැහැදිලි කළා.

ඉගෙනීම මෙන්ම දරුවාගේ විවේකය පිළිබඳව වැඩසටහනට එක්වූ ළමා සහ යොවුන් විය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ දුලාංගි දහනායක අදහස් පළ කළා.  

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.