Saturday, April 27, 2024

General line - 0115112241

එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා - අවසන් දිනය අදයි




මොණරාගල පැවැත්වෙන ‘‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’’ ප‍්‍රදර්ශනයේ තුන්වන සහ අවසන් දිනය අද (31)යි. මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අය වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්ද ලබා දෙන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවා. මීට පෙර පැවැති ප‍්‍රදර්ශනවලදී මෙවැනි රක්ෂණාවණයක් ලබා දී නැහැ. ඒ නිසා ප‍්‍රදර්ශනය අතරතුර සිදුවන අනතුරුවලින් පුද්ගලයින් පීඩාවට පත්විය හැකියි. ඒ බව සැලකිල්ලට ගෙන ‘‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’’ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අය වෙනුවෙන් මෙම නොමිලේ රක්ෂණාවරණය පිරිනමන බව 
නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඉකුත් දින දෙක තුළ ලක්ෂයකට වැඩි පිරිසක් ‘‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’’ ප‍්‍රදර්ශනයට සහභාගී වූ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. පාසල් දරුවන්ට, පොලිස් සහ ති‍්‍රවිද හමුදා සාමාජිකයින්ට නොමිලේ ප‍්‍රදර්ශනය නැරඹීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.