Friday, April 26, 2024

General line - 0115112241

ඉවසීමට එහා ගිය මේ ගුණාංගය පුරුදු කරන්න - ඉන්පසු ඉවසීම අවශ්‍ය නොවේ



ඉවසීමේ ගුණය ප‍්‍රගුණ කළ හැක්කේ කෙසේද යන්න ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනින් සාකච්ඡුාවට ලක් කෙරුණා. ඊට උදාහරණ ගෙන හැර දක්වමින් වැඩසටහනට එක්වූ කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය ඒ පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි.

ඉවසීමේ ගුණයට එහා ගිය තවත් බොහෝ ගුණාංගද ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඉවසීමට වඩා මෛත්‍රිය ප්‍රගුණ කිරීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේ වූ විට ඉවසීමට කිසිදු අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.