Friday, April 26, 2024

General line - 0115112241

ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 දක්වා ඉහළ යා හැකි කරුණක් බන්දුල පෙන්වයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




සිංගප්පූරු ගිවිසුම කි‍්‍රයාත්මක වුවහොත් අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 දක්වා ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. රටින් පිටවන මුදල් ප‍්‍රමාණය වැඩිවන විට ඩොලරයේ අගයද වැඩි වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (17) තවදුරටත් පහත වැටුණා. අමෙරිකානු ඩොලරයක විකණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 165.14ක් ලෙසයි. රජයට නිසි ආර්ථික දැක්මක් නොමැතිවීම හේතුවෙන් රුපියල දිනෙන් දින අවප‍්‍රමාණය වන බවයි බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා කියාසිටියේ.

වත්මන් ආණ්ඩුව යටතේ ශී‍්‍ර ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුධයට මුහුණ පා සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.