Friday, April 26, 2024

General line - 0115112241

වැට් බදු ආපසු ගෙවීමේ ප්‍රතිලාභය ලැබූ පළමු සංචාරකයා පිටව යයි




විදේශීය සංචාරකයින් මිළදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට කටුනායක ගුවන් තොටුපොලේ ස්ථාපිත කළ විශේෂ ශාඛාවෙන් ඉන්දීය ජාතිකයෙකුට පළමුවරට එම වැට් බදු ආපසු ලබා දුන් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය භාර සහ කටුනායක ගුවන් තොටුපොලේ වැට් බදු ආපසු ගෙවීමේ ශාඛාවේ ප‍්‍රධානී  ජේ්‍යෂ්ඨ කොමසාරිස් එම් ජේ ගුණසිරි පැවසුවා.

විදේශිකයින් ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන අවස්ථාවේ වැට් බදු අයකරන භාණ්ඩ මිළදී ගත්විට එම භාණ්ඩ සදහා අය කරනු  ලබන සියයට 15 ක වැට් බද්ද ඔවුන් රටින් බැහැරව යන අවස්ථාවේ ආපසු ගෙවීමට රජය ඉකුත්දා තීරණය කළා. වැට් බදු ගෙවීම සදහා මෙම විශේෂ ශාඛාව ඉකුත් 11 වනදා විවෘත කරනු ලැබුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්.