Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිගේ තීරණයට හේතුව දුන් උපදෙස් අගමැති ක්‍රියාත්මක නොකිරීමලු (UPDATE)

හේමන්ත කහවලගේ/ චම්ලි ඒකනායක




ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරින ලෙස ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

වසර 03ක පමණ කාලය සිට එම ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල අඛණ්ඩව කටයුතු කර ඇති බැවින් ඒ සඳහා නව සාමාජිකයින් පත් කරන ලෙස ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබු බවයි වාර්තා වන්නේ.

එහෙත් ඒ සඳහා ක‍්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා. 

මේ අතර අදාළ ආයතන අයත් අමාත්‍යංශවල විෂයභාර අමාත්‍යවරුන් වන අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.  
 

--------------------------------------

රටේ ආර්ථික මර්මස්ථාන තුනක අධ්‍යක්ෂ මණ්ඩල අහෝසියි

17-10-2018 21:54

 

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයෙහි අධ්‍යක්ෂ මණ්ඩල විසුරවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය කියාත්මක වනවා.