Friday, April 26, 2024

General line - 0115112241

"රජය උවමනාවෙන්ම රුපියල බාල්දු වෙන්න ඉඩ දීලා"

සජිත් තිලකරත්න




රුපියල අවප‍්‍රමාණය වීමට රජය ඉඩහැර ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ පවසනවා.

මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සටහන් වන්නේ රුපියල් 174.12ක් ලෙසයි.

නෙත් නිවුස් කළ විමසීමකදී ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ කියා සිටියේ රුපියල අවප‍්‍රමාණය වීම වැළැක්වීමට රජය ගත යුතු ප‍්‍රතිපත්තිමය තීරණ නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවන බවයි.

කලාපීය රටවල් සිය මුදල් ඒකක රැක ගැනීමට ක‍්‍රියාත්මක කර ඇති ප‍්‍රතිපත්ති හා සැසදීමේදී ශ‍්‍රී ලංකාව එවැනි සක‍්‍රීය මැදිහත්මක් සිදු කර නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.