Saturday, April 27, 2024

General line - 0115112241

කොටස් වෙළඳපොල තවත් නගී




කොළඹ කොටස් වෙළදපොලේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. කොටස් වෙළදපොල දත්තවලට අනුව ඊයේ (01) දිනය නිමා වනවිට සියළු කොටස් මිල දර්ශකය සියයට 2.7 කින් ඉහළ ගොස් තිබුණා.

ගණුදෙනු නිමාවේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 160 කින් ඉහළයාමද විශේෂත්වයක්. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වනවිට කලකට පසුව සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක හයදහස ඉක්මවා ගොස් ඇති බවයි. එය මේ වනවිට දැක්වෙන්නේ ඒකක 6122.76 ලෙසයි.