Wednesday, May 8, 2024

General line - 0115112241

අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ට‍්‍රම්ප්ගේ පක්ෂයට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඊයේ (06) පැවැති අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයෙන් එරට සෙනට් මණ්ඩලයේ බහුතර බලය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට හිමිව තිබෙනවා.

දැනට නිකුත් වී ඇති ප‍්‍රතිපල අනුව සෙනට් මණ්ඩලයේ ආසන 100න් රිපබ්ලිකන් පක්ෂයට ආසන 51 ක් සහ ඩිමොක‍්‍රටික් පක්ෂයට ආසන 42ක් හිමිව තිබෙනවා. එහෙත් නියෝජිත මන්ති‍්‍ර මණ්ඩලයේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමිව ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයටයි. 

මේ වනවිට ඩිමොක‍්‍රටික් පක්ෂයට කොංග‍්‍රස් මන්ති‍්‍ර මණ්ඩලයේ ආසන  198ක් හිමිව ඇති අතර රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇත්තේ ආසන සංඛ්‍යාව 182ක්. 

මේ අතර ඊයේ පැවැති මධ්‍ය වාර මැතිවරණයෙන් අමෙරිකානු ඉතිහාසයේ පළමු වරට ඉස්ලාම් කාන්තාවක් තේරී පත්ව තිබෙනවා. රශීඩා ට්ලායිබ් නැමැති එම කාන්තාව සෙනට් මණ්ඩලයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.