Saturday, April 27, 2024

General line - 0115112241

තොරතුරු ස්ථායිතාවය ශක්තිමත් කරමින් PickMe නව තාක්ෂණික මධ්‍යස්ථානයකට




තම තාක්ෂණික ධාරිතාව ශක්තිමත් කර ගැනීමට සහ පාරිභෝගිකයින්ට වැඩිදියුණු කරන ලද සේවාවන් සැපයීම සඳහා PickMe "ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රවාහන සහ සැපයුම් සේවා සැපයුම්කරු" සිය තොරතුරු සන්නිවේදන බලකාය කොළඹ, නාවල පාරේ පිහිටි මාගා ටවර්හි 14 වන මහලට රැගෙන ඒමට කටයුතු කර ඇත. එහි තිබෙන නවීනතම හා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ මෘදුකාංග ඉංජිනේරුවන් මෙන්ම දත්ත විශ්ලේෂකයින් සහ තත්ත්ව ආරක්ෂණ නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවක් උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් එහි කටයුතු කරමින් සිටින බව එම ආයතනය සදහන් කරයි.

"අපි ආරම්භ කළ දින සිට කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලාංකිකයින් වාහන කුලියට ගන්නා ආකාරය වෙනස් කරලීමට අපට හැකි වී තිබෙනවා. භාවිතයට පහසු යෙදුමක් සහ ශක්තිමත් සහායක කණ්ඩායමක් තුළින් ආරක්ෂාව, විශ්වසනීයත්වය හා කාර්යක්ෂම බව අපගේ රහසිගත්වයයි. අප ඉදිරියට යන අතරම අපගේ නව නිපැයුම් ඉදිරියට පවත්වා ගැනීමටත්, ඒවා පැනනඟින විටදී අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. නව තාක්ෂණික ගොඩනැගිල්ල අපගේ ගැටලුවකින් තොරව එසේ කිරීමට උපකාර කරනු ඇත. අපගේ මගීන් සහ රියදුරන් හට ප්‍රශස්ත සේවයක් සැපයීම බලාපොරොත්තුව බවයි PickMe  හි සභාපති අජිත් ගුණවර්ධන සඳහන් කරන්නේ.

වසර තුනක කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ සාර්ථක මිනිසුන්ට පිවිසීමේ ආකාරය වෙනස් කිරීමට PickMe හට සිය තාක්ෂණය භාවිතා කිරීමට හැකිවී තිබේ. සිය තාක්ෂණික ධාරිතාව සාර්ථකත්වයේ ලක්ෂණය බව ඔවුන් නිරන්තරයෙන් විශ්වාස කරනු ලබයි. එබැවින් අපගේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට නිදහසේ හා වෙනම ස්ථානයක සැළසුම් කිරීමෙන් උපායමාර්ගික පියවරක් ඉදිරියට ගෙන යාමට සමාගමක් වශයෙන් තීරණය කළා. 

මෙම ක්‍රියාවලිය අපගේ සේවාවන්හි ඵලදායීතාවය වැඩිදියුණු කිරීම හා ආරක්ෂිත හා කාර්යක්ෂම ප්‍රවාහන සේවය තවත් වැඩි දියුණු කිරීමට සහාය වීම සඳහාත් ඊළඟ පරම්පරාව නිර්මාණය කිරීම සඳහා උපකාරී වනු ඇති බවයි PickMe හි ප්‍රධාන විධායක නිළධාරී ජේෆී සුල්ෆර් ප්‍රකාශ කර සිටියා.

තාක්ෂණික සහ සයිබර් ආරක්ෂණයන් සමඟ නිරන්තරයෙන් වෙනස් වන පරිසරය හා ගැලපෙන පරිදි එහි වේදිකාවට හා සේවාවන්ට අනුවර්තනය වීමට සහ වැඩිදියුණු කිරීමට විවිධ මාර්ග සොයා බැලීමට මෙම තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථානය අනගි පිටුවහලක් වනු ඇත.

මගීන් සහ රියදුරන්ගේ පාර්ශවයන්ගේ අත්දැකීම්වල කාර්යක්ෂමතාවය අවබෝධ කර ගැනීම, පුරෝකථනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා PickMe අඛණ්ඩව නව වැඩකටයුතු දියත් කිරීම ඒකායන බලාපොරොත්තුව වන බව එම සමාගම පවසයි.