Friday, April 26, 2024

General line - 0115112241

හදිසි අවස්ථාවකට මුහුණ දීමට කොළඹ කොටස් හුවමාරුව හෙට වෙනම ස්ථානයක සිට 




කොළඹ කොටස් හුවමාරුව විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයක සිට 2018 නොවැම්බර් මස 23 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දැනුම් දෙනවා. 

මෙම ක්‍රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබන අතර වෙළෙඳපොළෙහි ඇතිවන ඕනෑම හදිසි වාතාවරණයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුණයි. 

එහිදී වෙනත් ස්ථානයක සිට ක්‍රියාවලිය සිදු කිරීමේදී ඇතිවන ගැටලු හඳුනාගෙන ඒවාට කල්තියා විසඳුම් ලබාදීම, බාධා අවම කර ගැනීමට මෙහිදී සූදානම් වෙනු ඇති.