Friday, April 26, 2024

General line - 0115112241

බිස්නස් ටුඩේ ටොප් 30 අතරට කොමර්ෂල් ක්‍රෙඩිට් පැමිණෙයි




ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆයිනෑන්ස් පී.එල්.සී. 2017/2018 වර්ෂය සඳහා වන බිස්නස් ටුඬේ ටොප් 30 සම්මානය දිනා ගැනීමට සමත් වුණා.  

පසුගිය වසර කිහිපය තුළ සීඝ‍්‍ර ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට සමත් වූ කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම ක්ෂේත‍්‍ර ගණනාවකින් සිය විශිෂ්ටත්වයක් සහතික කිරීමට සමත් වූ අතර, දෙවන වරටත් මෙම ගෞරවනීය සම්මානය දිනා ගැනීම විශේෂත්වයක්. 

ෂැංග‍්‍රිලා හෝටලයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද බිස්නස් ටුඬේ ටොප් 30 සම්මාන උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. බිස්නස් ටුඬේ ටොප් 30 සම්මාන උළෙල තුළින් ගෝලීය අභියෝග මධ්‍යයේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ  විශිෂ්ටත්වය, කාර්ය සාධනය සහ පාලනය මෙන්ම වෙනස්වන ශ‍්‍රී ලාංකේය දේශපාලන හා ආර්ථික වාතාවරණය පිළිබිඹු කෙරෙනවා.

කොමර්ෂල් ක්‍රෙඩිට් සභාපති සිසිල් පෙරේරා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ "බිස්නස් ටුඬේ ටොප් 30 සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවන වරටත් සාඩම්බරනීය ලෙස සම්මානලාභී සමාගමක් බවට පත් වීම තුළින් ඉහළම ප‍්‍රමිතීන් කරා ළඟාවීමේ අපගේ අඛණ්ඩ ප‍්‍රයත්නය මනා ලෙස පිළිබිඹු වන අතර අපගේ අනාගත ජයග‍්‍රහණ පිළිබඳ සංඥාවක් ඉදිරිපත් කරනවා. මෙම සම්මාන උළෙල සංවිධාන කරමින් අපගේ ජයග‍්‍රහණ නිසි ඇගයීමට පත් කිරීම සම්බන්ධයෙන් බිස්නස් ටුඬේ ආයතනයට අප  ස්තූතිවන්ත වනවා. මෙම ඇගයීම අපගේ කණ්ඩායමට, ගනුදෙනුකරුවන්ට මෙන්ම පාර්ශ්වකරුවන්වෙත විශාල අභිපේ‍්‍රරණයක් හා ශක්තියක් ගෙන දෙනවා." යනුවෙනි. 

ප‍්‍රමුඛතම මූල්‍ය සේවා ආයතනයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අතපත් කර ගෙන ඇති කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම සේවයේ ඉහළම ප‍්‍රමිතීන් හා කාර්යසාධනය සඳහා වන මිනුම් දඬු අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා කැපවී සිටී. 1982 දී ආරම්භ කළ කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම වෙළෙඳපොළ තුළ ශක්තිමත් තරගකරුවෙකු ලෙස කෙටි කාලයක් තුළදී විශිෂ්ට කාර්ය සාධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබෙනවා. ස්ථාන 12ක කාර්යය මණ්ඩලය 100කට ආසන්න සංඛ්‍යාවකින් ආරම්භ කෙරුණු කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මේ වන විට ස්ථාන 118 ක  කාර්ය මණ්ඩලය 3300 කට අධික පුළුල් සමාගමක් ලෙසින් මේ වන විට වර්ධනය වී සිටින අතර මෙරට වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය ආයතනය බවට පත් වී තිබෙනවා.

 
(ඡායාරූපයේ - සිසිල් පෙරේරා (සභාපති) සහ රජිව් කැසී චිට්ටි (ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි) සම්මානය ලබා ගන්නා අයුරු.)