Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති ආචාර්ය කේ.ඒ.එස් කීරගල




ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය කේ.ඒ.එස් කීරගල පත්කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඔහු, අමාත්‍යාංශ කිහිපයක අතිරේක ලේකම්වරයකු ලෙසද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරයකු වන ඔහු, කැලිෆෝනියාවේ ග්ලෝබල් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබෙනවා.

පී. අල්ගම, සාදි. ඒ. වැඩූඩ්, පී. එම්. කේ. හෙට්ටිආරච්චි, කේ. කේ. එස්. ඒ පෙරේරා සහ ජේ. එම්. යූ. පී ජයමහ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්කර තිබෙනවා.