Friday, April 26, 2024

General line - 0115112241

"දෙමළ සන්ධානය සැබෑ අවශ්‍යතාවය ප්‍රසිද්ධියේ කියන්නේ නෑ"



ඒකීය රාජ්‍ය පිළිගන්නා බවට දෙමළ ජාතික සන්ධානය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළත් ඔවුන් සැබෑ ලෙසම ඉල්ලා සිටින්නේ රට බෙදෙන ෆෙඩරල් ක‍්‍රමයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (16) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන වාර්තා ස්වාධීන ඒවා නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.