Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් '' ceylon motor show 2019'' මෙවරත්




ශ‍්‍රී ලංකාවේ දැවැන්තම රථ වාහන ප‍්‍රදර්ශනය ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ’ceylon motor show’’මේ වසරේදීත් මාර්තු 15 වනදා සිට 17 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ශ‍්‍රී ලංකා ඉපැරණි මෝටර් රථ හිමියන්ගේ සංගමය ( classic car club of ceylon - cccc) සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමය ( ceylon motor traders association - cmta) මෙවරත් ශ‍්‍රී ලංකාවේ රථවාහන රක්ෂණයේ ප‍්‍රමුඛයා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සමගින් මෙම ප‍්‍රදර්ශණය ඉදිරිපත් කරනු ලබනු අතර මේ සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම 2019 පෙබරවාරී 06 වන දින ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙවරත් මෙම ප‍්‍රදර්ශනයේදී ඉපැරණි මෝටර් රථ රැසක් සමගින්  නවීනතම මෝටර් රථ රැසක්ද දැක බලාගැනීමේ අවස්ථාව මෝටර් රථ පිළිබද උනන්දු වන්නන්ට  හිමිවන අතර පසුගිය වසර වලදී අතිසාර්තක අයුරින් පැවැත්වූ මෙම ප‍්‍රදර්ශණය සදහා මෙවරත් ශී‍්‍ර ලංකාව පුරා විසිර සිටින මෝටර් රථ සදහා ඇලුම් කරන  30,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ.

අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම

වමේ සිට දකුණට හිටපු සභාපති බී‍්‍ර පොන්නම්බලම් මහතා ( classic car club if ceylon cccc)‍ උප සභාපති ( classic car clib of ceylon -cccc)‍  සම සභාපති - (ceylon motor show 2019 ) ක්ලයිව් ද සිල්වා මහතා, සභාපති රමණි පොන්නම්බලම් මහත්මිය (classic car club of ceylon -cccc‍), ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළදුන්ගේ සංගමයේ ( ceylon motor traders association - cmta) සභාපති/සම සභාපති - ceylon motor show  2019 ෂෙරාන් ප‍්‍රනාන්දු මහතා, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය කේ.ඒ.එස් කීරගල මහතා, ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලූත්ගම මහතා, ප‍්‍රධාන නිලධාරී ව්‍යාපාර සංවර්ධන රුක්මන් වීරරත්න මහතා, නියෝජ්‍ය ප‍්‍රධාන අධිකාරී අලෙවි නාමලී සිල්වා මහත්මිය