Friday, April 26, 2024

General line - 0115112241

පිහිණුම් ක්‍රීඩාවේ දක්ෂයන් බිහි කරන්න 'අංක එකේ චොකලට් වෙළඳ නාමය වන රිට්ස්බරි' කැපවේ 




ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වෙළඳ නාමය වන රිට්ස්බරි චොකලට්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරමින් දෙවන වතාවටත් මෙරට  පිහිණුම් ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබා දීම සඳහා පියවර ගෙන තිබෙනවා.

විදුදය රිට්ස්බරි පිහිණුම් තරඟාවලියේ එකම අනුග්‍රාහකයා ලෙස රිට්ස්බරි චොකලට් මෙරට විශාලතම පිහිණුම් තටාකය හිමි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා එක්ව මෙම තරඟාවලිය සංවිධානය කරනවා.

පාසල් සහ පිහිණුම් ක්‍රීඩා සමාජ 120 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට නියමිත මෙම ශූරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිහිණුම් තටාක සංකීර්ණයේදී මාර්තු 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනයේ සාමාන්‍යාධිකාරී (අලෙවි)  නිලුපුල් ද සිල්වා  ප්‍රකාශ කළේ "උපරිම දක්ෂතාවයන් දැක්වීම සඳහා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළඹවීමට සහ ඔවුන්ව දිරිමත් කිරීමට සිය ආයතනය සෑම විටම ඇප කැපවී සිටින බවයි" යනුවෙනි.

මේ පිලිබඳව මාධ්‍ය දැණුවත් කිරීමේ අවස්ථාව ඊයේ (05) ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනු අතර රිට්ස්බරි ආයතනයේ සන්නාම කළමණාකාර අරුණ ලියනපතිරණ, එහි මහජන සම්බන්ධතා නිලධාරී ජානක බොතේජු ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.