Friday, April 26, 2024

General line - 0115112241

නව සන්ධානයක් අත්‍යාවශ්‍ය නොවන බව අනුර ප‍්‍රියදර්ශන යාපා කියයි



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය අත්‍යවශ්‍යම කටයුත්තක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා පවසනවා. 

ඔහු කියා සිටියේ එවැනි සන්ධානයක් ගොඩනැගෙන්නේ නම් එය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් බවයි. 

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශ කළේ ජිනීවා අදාළ යෝජනාවට ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රහය දැක්වීමට තීරණය කළ මොහොතේ පටන් එහි අහිතකර ප‍්‍රතිඵල රටට ලැබෙනු ඇති බවයි. 


එම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.