Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා ටෙලිකොම්  "SLT Voice App" හඳුන්වා දෙයි 




ශී‍්‍ර ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා 'Voice connection' සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් "SLT Voice App"  හඳුන්වාදීමට සැදී පැහැදී සිටියි.

මෙම "SLT Voice App" සමඟ ප‍්‍රතිලාභ රාශියක් හිමිවන අතර පාරිභෝගිකයාගේ මනාපය අනුව රැහැන් සහිත ස්ථාවර දුරකථන සම්බන්ධතාවයට තමන් කැමති Smart Phone 4ක් සම්බන්ධ කිරීමට හැකියාව තිබෙනවා. ලියාපදිංචි වීම සඳහා www.slt.lk/voice වෙත පිවිස දුරකථන අංක 4ක් ලියාපදිංචි කළ යුතුයි. "SLT Voice App" යෙදුම Android භාවිත කරන්නන්ට Play store  හරහාද Apple භාවිත කරන්නන්ට Apple store හරහාද බාගත කරගැනීමට හැකියාව තිබෙනවා. ලියාපදිංචි වූ පාරිභෝගිකයන්ට SLT Wifi ජාලය හරහා නොබිඳුනු සුපැහැදිලි ඇමතුම් පහසුවෙන් ලබාගැනීමට හැකිවෙනවා. 

WhatsApp හා Viber වැනි OTT දුරකථන සේවා සමග සංසන්දනය කිරීමේදී අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාවක් සමඟින් අදාළ දෙපාර්ශ්වයම සතුව එම යෙදුම පැවතිය යුතුයි. නමුත් "SLT Voice App" ඇමතුම් ලබාගැනීමේදී ඇමතුම ලබාගන්නා පාර්ශ්වය SLT Wifi  ජාලයට සම්බන්ධ වී ඇත්නම්  ඕනෑම තැනක සිට  ඕනෑම දුරකථනයක් සඳහා ඇමතුම ලබාදීමට හැකිවන අතර ඇමතුම ලැබෙන පාර්ශ්වයට එම App එක හෝ අන්තර්ජාල සබඳතාවක් තිබීම අවශ්‍ය නොවේ.