Friday, April 26, 2024

General line - 0115112241

වැඩිම බලපෑම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට



රටේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට බව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පවසනවා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට ඊයේ (14) රාත‍්‍රියේ එක්වෙමින්. 

මේ අතර ‘‘අපි ජාතික බලවේගය’’ ජාතික මහා සමුළුව ලබන 25 වැනිදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරෙනවා. ‘‘අපි ජාතික බලවේගය’’ බිහි කිරීමේ අරමුණ බෞද්ධ දර්ශනය මත පදනම්ව රට ගොඩනැගීමට දායක වීමයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.