Saturday, April 27, 2024

General line - 0115112241

"දේශපාලන නායකත්වය එහි වගකීම් පැහැර හරින විට රටට ප‍්‍රතිගාමී බලවේගවල බලපෑම් ඇති වෙනවා"



දේශීය හෝ විදේශීය ප‍්‍රතිගාමී බලවේගවලට රටකට බලපෑම් කිරීමට හැකි වන්නේ දේශපාලන නායකත්වය එහි වගකීම් පැහැර හරින අවස්ථාවන්හිදී බව විද්වතුන් පෙන්වා දෙනවා.

කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ, බෞද්ධ දර්ශන අංශයේ අංශ ප‍්‍රධානී, මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් පවසන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව දේශපාලන නායකත්වයෙන් ජනතාව අපේක්ෂා කරන කරුණු 03ක් වන බවයි. එම කරුණු ඉටු නොවන අවස්ථාවල දී දේශපාලන නායකත්වය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වන බවද ඒ අනුව ප‍්‍රතිගාමී බලවේගවලට දොරටු විවෘත වන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා. 

මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණේ ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදීයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ඊට සති කිහිපයකට පසු වයඹ පළාතේ සහ ගම්පහ ඇතැම් ප‍්‍රදේශවල ඇති වූ නොසන්සුන්තා පිළිබඳ එහිදී පසු විපරමක් කෙරුණා. 

විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොලආරච්චිගේ ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පෙන්වා දුන්නේ තැනැත්තෙකු ප‍්‍රචණ්ඩත්වයට පෙළඹීමට කුඩා කල සිට ඇසුරු කරන පරිසරය ද බලපෑම් කරන බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.