Friday, April 26, 2024

General line - 0115112241

වඩු මඩු තහනම් කතාව ගැන පරිසරවේදීන්ගේ මතය



වඩු මඩු තහනම සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ පිළිබඳ ඊයේ (11) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී සංවාදයට ලක් කෙරුණා.

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් ඊට එක්වූ පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේ ජංගම දැව ඉරුම්හල් තහනම් කිරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ගය වැරදි ලෙස ප‍්‍රකාශ වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. 

වැසි වනාන්තර සුරකීමේ අන්තර්ජාතිකය වෙනුවෙන් පරිසරවේදී ජානක එදිරිමාන්න ද මෙම වැඩසටහනට එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.