Saturday, April 27, 2024

General line - 0115112241

"පළාත් පාලන ආයතනවල විෂය පථයන් පාසල්වල ඉගැන්විය යුතුයි"



පළාත් පාලන ආයතන වැඩි වශයෙන් ජනතාවගේ විවේචනයන්ට ලක්වන්නේ එහි කාර්යභාරයයන් සම්බන්ධයෙන් ඔවුන් නොදැන සිටීම හේතුවෙන් බව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු පවසනවා.

ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

පළාත් පාලන ආයතනවල විෂය පථයන් සම්බන්ධයෙන් පාසල්වල ඉගැන්වීම සුදුසු බවයි වැඩසටහනට එක්වු පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක ද පවසන්නේ. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.