Saturday, April 27, 2024

General line - 0115112241

ආණ්ඩුවේ කොන්ද පණ නැතැයි ආණ්ඩුවේම මන්ත‍්‍රීවරයෙක් කියයි



ආණ්ඩුවේ කශේරුකාව පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා. ඔහු කියා සිටියේ දේශපාලනික වශයෙන් ඉකුත් සමයේ මතු වූ විවිධ අර්බුදවලට ආණ්ඩුව ඍජුව විසඳුම් ලබානොදුන් බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (03) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

දූෂිත පුද්ගලයින් දේශපාලනයට පැමිණීම වැළැක්වීමේ වගකීම ජනතාව වෙත ද පැවරෙන බවයි මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියේ. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.