Saturday, April 27, 2024

General line - 0115112241

අනුන්ගේ මුදල් සූරා කන වංචනිකයන් කොටු කරගන්න අලුත් තාක්ෂණයක්




කෑෂ්වැගන්හි වංචනිකයන් හඳුනා ගැනීමේ නවතම පද්ධතිය මගින් වංචාකරුවන්ගේ අපරාධ උපක්‍රම හඳුනාගෙන ඔවුන් පොලිසිය වෙත බාර දීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. තොරතුරු තාක්ෂණ පද්ධති මගින් සැකසහිත අයදුම්කරුවන් හඳුනා ගනු ලබනවා.

මුල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය වැඩි වීමත් සමඟ වෙනත් පුද්ගලයන්ගේ දත්ත භාවිතා කරමින්  අපරාධවල නිරතවෙන්නන් වෙනත් අයගේ දත්ත භාවිතා කරමින් ණය මුදල්වලට අයදුම් කිරීමට උත්සහ කිරීම නිසා සාමන්‍ය ජනතාව අපකීර්තියට පත්වීමක් සිදු වෙයි.

කෘත්‍රීම බුද්ධි තාක්ෂණය සහ සුවිසල් දත්ත මත පදනම්ව කෑෂ්වැගන් ආයතන නිර්මාණය කරන ලද නවීන ඩිජිටල් පද්ධතිය මගින් අයදුම්පත් පිරවීමේදී සැක කටයුතු හැසිරීම් කරන අපරාධකරුවන් හඳුනා ගනී.

“අප සොයාගත් සිද්ධී ඉතාම බරපතලයි මොකද ඔවුන් භාවිතා කරන්නේ වෙනත් පුද්ගලයන්ගේ දත්ත. එමගින් අදාළ සත්‍ය පුද්ගලයාගේ කිර්තියට හානි සිදු විය හැකියි.”  යනුවෙන් කෑෂ්වැගන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සමිල ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියා.

නොමග යවන්නන් හඹායාම

කෑෂ්වැගන් අයදුම්පත් සැකසීමේ ක්‍රියාවලයේදී අනාවරණය වූ පරිදි වංචනික අපරාධකරුවන් වෙනත් පුද්ගලයන්ගේ සත්‍ය තොරතුරු සහ ලියකියවිලි ලබා දෙමින් සහ වෙනත් උපාංග සහ වෙනත් ප්‍රදේශ භාවිතා කරමින්  කිහිපවරක් කෑෂ්වැගන් මුල්‍ය සේවාවෙන් ණය අයදුම් කිරීමට උත්සහ කර ඇත. ඒ අනුව මෙම නව කෑෂ්වැගන් වංචනිකයන් හඳුනාගැනීමේ පද්ධතිය මගින් ඔවුන්ගේ ඩිජිටල් සලකුණු ඔස්සේ එම වංචනික අපරාධකරුවන්ගේ රටාවන් සහ වංචනිකයන්ගේ අනන්‍යතාවය මෙන්ම ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

එලෙස සොයාගන්නා ලද තොරතුරු උපයෝගී කරගනිමින් එවැනි වංචා නඩු කිහිපයක් සඳහා කෑෂ්වැගන් විසින් සයිබර් අපරාධ ඒකකය සහ පොලිසිය සමග එක්ව ප්‍රභල සාක්ෂි ගොනුකර ගන්නා ලදී. එම නඩුවල තොරතුරු ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමට හැකියාව නැති නමුත් වංචාකරුවන් හඳුනා ගැනීමට සහ චෝදනා ගොනු කිරීම සඳහා කැෂ්වැගන් ආයතනය විසින්  ශ්‍රී ලංකා සයිබර් අපරාධ ඒකකය සහ පොලිසිය සමඟ සමීපව කටයුතු කරන බව සදහන් කළ යුතුයි. කෑෂ්වැගන් ආයතනය තම පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතභාවය  තම ප්‍රමුඛතම  කාර්යයක්  ලෙස සලකන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සමාගම විසින් ගත හැකි සෑම පියවරක්ම ගනු ලබනු ඇති.

වංචාකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම

ශ්‍රී ලංකාව තුළ විශ්වාසවන්ත, ස්ථාවර මුල්‍ය හවුල්කරුවෙකු වීමට අපේක්ෂා කරන කැෂ්වැගන් සිය ගනුදෙනුකරුවන් වංචනිකයන් හා ගනුදෙනු කිරීම සහ වංචනික කටයුතුවලට හසු වීම වැළක්වීම සඳහා ක්‍රියා කරනු ලබයි. එමෙන්ම යම් ණයකරුවෙක් විසින් හිතාමතාම ණය මුදල් ගෙවීම පැහැර හරින විට,  එම ණයකරුවා  විසින් වංචා සිදු කිරීම යන වරද මත ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 398 වන වගන්තිය යටතේ අපරාධ නඩුවක් සඳහා වගකිව යුතු වේ. මුදලේ ප්‍රමාණය කෙතරම් කුඩා වුවත් එය නිතිය ඉදිරියේදී  වරදක් ලෙස සැළැකේ. මෙලෙස මිද්දෙනිය ප්‍රදේශයේ අපරාධකරුවන් සහ වංචනිකයන් කණ්ඩායමක් මගින් සිදු කල වංචනික ක්‍රියා කිහිපයක් හඳුනාගෙන නිතිය ඉදිරියට පමුනවන්නට කෑෂ්වැගන් ආයතනයට හැකියාව ලැබුණි.

තාක්ෂණික මුල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහතික කිරීම සහ අපගේ ගනුදෙනුකරුවන් ආරක්ෂාව වෙනුවෙන්  කෑෂ්වැගන් සයිබර් අපරාධ ඒකකය සහ පොලිසිය සමඟ සමීපව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බව සමිල ප්‍රනාන්දු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.