Friday, April 26, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා සංචාරය අභියස බංග්ලාදේශ කි‍්‍රකට් නායකයා වෙනස් වෙයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයට ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පත් කර තිබෙනවා. 

ඒ, නිත්‍ය නායක මෂ්රෆී මොටාසා ආබාධයකට ලක්වීම හේතුවෙන්. ඔහු වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක ෆර්හාඞ් රේසා බංග්ලාදේශ එක්දින සංචිතයට කැදවූ බවයි බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ. එමෙන්ම ආබාධයක් හේතුවෙන් තුන්ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් සයිෆුදීන්ටද ශී‍්‍ර ලංකා තරග සංචාරය අහිමි වී තිබෙනවා. 

ඔහු වෙනුවට බංග්ලාදේශ එක්දින සංචිතයට කැදවා ඇත්තේ වේග පන්දු යවන කී‍්‍රඩක ටස්කිම් අහමඞ්. ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සියළු තරග දිවා රාතී‍්‍ර තරග ලෙස පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. පළමු තරගය ලබන 26 වනදා පැවැත්වෙනවා.