Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 20 වෙනිදා සිට




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙනවා. ඒ, සැප්තැම්බර් 20 වෙනිදා සිට 29 වෙනිදා දක්වායි. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා.  

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහය දක්වන සම්පත් බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පාරිභෝගික බැංකුකරණ තාරක රන්වල ද මෙහිදී අදහස් දැක්වුවා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල මාධ්‍ය සහකරු වශයෙන් නෙත් එෆ් එම් රේඩියෝව සිය දායකත්වය සපයනු ලබනවා.