Friday, April 26, 2024

General line - 0115112241

ආසියාවේ විශිෂ්ටතම සේවා යෝජක සන්නාම 100 අතරට 'ශ්‍රී ලංකා ටෙලිකොම්' එකතු වෙයි




ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ආසියාවේ විශිෂ්ටතම සේවා යෝජක සන්නාම 100 ඇගයීම සඳහා පැවති "ආසියාවේ විශිෂ්ටතම සේවා යෝජක සන්නාම-2019” සම්මාන උළෙලේදී ඇගයීමට පාත‍්‍ර වී තිබෙනවා. 

ඒ අනුව එහිදී ආසියාවේ විශිෂ්ටතම සේවා යෝජක සන්නාම 100 අතරට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ද තේරී පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම සම්මාන උළෙල සිංගප්පුරුවේදී පැවති අතර ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම නියෝජනය කරමින් එහි සමුහයේ සභාපති පී .ජී . කුමාරසිංහ සිරිසේන අදාළ සම්මානය ලබා ගත්තා.