Saturday, April 27, 2024

General line - 0115112241

නවක වධය නිසා සරසවිය හැරයන සිසුන් ගැන අනාවරණයක්



නවක වධය හේතුවෙන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගෙන් සියයට 7.5 ක් පමණ විශ්ව විද්‍යාල හැරයන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේ පවසනවා.

ඒ, ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

නවක වධයට එරෙහි වීම සියලූ දෙනාගේ වගකීම බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේ සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවනය කළ හැකියි.