Tuesday, March 19, 2024

General line - 0115112241

මෙරට තරුණයින්ගේ ආකල්ප පිළිබඳ ගැටලුවක් ඇති බව පෙන්වයි



මෙරට තරුණයාගේ දැනුම සහ හැකියාව සම්බන්ධයෙන් ගැටලුවක් නැතත්, තරුණයාගේ ආකල්ප පිළිබඳ තවදුරටත් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව විද්වතුන් පවසනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ චින්තන අංශයේ අංශාධිපති මහචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් පැවසුවේ තරුණයාගේ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.  

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු වන නීතීඥ ලලිත් පියුම් පෙරේරා ද මෙම වැඩසටහනට සහභාගි වුණා. ඔහු කියා සිටියේ රටේ සංවර්ධනයට තරුණයාගේ දායකත්වය ලබාගත හැකි තීරණාත්මක අවස්ථාවක් දැන් උදාවී ඇති බවයි. 

ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.