Saturday, April 27, 2024

General line - 0115112241

මයිකෝලා සමාගම සිදුකරන විශේෂ දේ (VIDEO)




සියයට සීයක් දේශීය සමාගමක්‍ වන මයිකෝලා සමාගම වසර 25ක් පුරා දේශීය වෙළදපලේ ප්‍රමුඛතම සිසීල් බිම නිෂ්පාදන සමාගමක් ලෙස පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගෙන සිටිනවා.

සිය නිෂ්පාදන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව සිදුකිරිමට අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි මයිකෝලා සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරි ෂාම් ප්‍රනාන්දු සඳහන් කළේ.

සිය සමාගමේ නිෂ්පාදනයක් වන ජින්ජර් බියර් පානය මේ වන විට සිංගප්පුරුවේ අලෙවි කරන බවත් ඉදිරි මාස කිහිපයේදී තවත් රටවල් කිහිපයක සිය නිෂ්පාදන අලෙවි කිරිමේ කටයුතු සුදානම් කර ඇති බවයි මයිකෝලා සමාගමේ විධායක අධ්‍යක්ෂක ෂාම් ප්‍රනාන්දු සඳහන් කරන්නේ.

එහිදී, බ්‍රිතාන්‍යය තුළ ද මයිකෝලා නිෂ්පාදන බීම වර්ග දැනටමත් අලෙවි කරමින් ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළා. 

සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සියල්ලම ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුකුල ඒවා බවත් සිසිල් බිම නිෂ්පාදනය කළ දිනයේ සිට මාස 06 ක කාලයක් කල් ඉකුත්වීමේ දිනය ලෙස සටහන් කර තිබෙන බවයි ෂාම් ප්‍රනාන්දු සඳහන් කර සිටියා.

මයිකෝලා සිසිල් බිම නිෂ්පාදනය වන අයුරු පහතින් දැක්වේ :