Friday, April 26, 2024

General line - 0115112241

විරෝධතා පාලනයට ට්‍රම්ප් අවිගත් හමුදාව දහස් ගණනින් කැදවයි




පොලිස් නිලධාරියෙකුගේ පහර කෑමකින් කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඞ් මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති විරෝධතා මර්දනයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවිගත් හමුදා සාමාජිකයින් දහස් ගණනින් කැදවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ධවල මන්දිරය අවට සහ රටේ නගර රැසක විරෝධතා උත්සන්නවීමත් සමගයි. මෙම විරෝධතා හේතුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට භූගත බංකරයකටද යාමට සිදුවුණා.

කෙසේවෙතත් ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මේ වනවිට ධවල මන්දිරය ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පිරිස් විසුරුවා හැර ඇති බවයි.

ඒ සදහා කදුළු ගෑස් සහ රබර් උණ්ඩද භාවිත කළ බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. තමා නීතිය හා සාමය පිළිබද කටයුතු කරන ජනාධිපතිවරයෙකු බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කර ඇත්තේ. පනවා ඇති ඇදිරි නීතිය ද නොතකමින් තවදුරටත් නගර රැසක විරෝධතා කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් මෙලෙස අමෙරිකාවේ විරෝධතා කි‍්‍රයාත්මක වන්නේ තවදුරටත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවෙමින් ඇති පසුබිමකයි. එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 18 ලක්‍ෂ 50,000 ඉක්මවා තිබෙනවා.