Saturday, April 27, 2024

General line - 0115112241

පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් හේමාස් සමාගමෙන් පහසුකම් රැසක්




කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය භූමියට පැමිණෙන පාඨක ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් හේමාස් සමාගම ප‍්‍රදර්ශන භූමියේ පහසුකම් රැසක් සලසා තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන හේමාස් සමාගමේ ජ්‍යෙෂ්ඨ වෙළෙඳ සේවා කළමනාකරු සජිත් මුදලිගේ.

මේ අතර මාස්ටර් ගයිඞ් ආයතනයේ කුටියක් ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙනවා. මාස්ටර් ගයිඞ් පොත් ප‍්‍රකාශන මෙම කුටිය තුළදී මිලදි ගත හැකි බවයි මාස්ටර් ගයිඞ් ආයතනයේ සභාපති දිස්නා වනිගසේකර පැවසුවේ.