Saturday, April 27, 2024

General line - 0115112241

කහ නිසා බේකරිහිමියනුත් අර්බුදයක




වෙළදපොලේ පවතින කහ හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ශ්ව් සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම තොරතුරු වාර්තා වුණා.

එලෙස පීඩාවට පත්ව ඇති තවත් පාර්ශ්වයක් වන්නේ බේකරි හිමියන්. ඔවුන් පවසන්නේ මාලූපාන් සහ පැටිස් වැනි බේකරි නිෂ්පාදන සඳහා කහ අත්‍යවශ්‍ය බවයි.

එක් බේකරියක් සඳහා දෛනිකව කහ කිලෝග‍්‍රෑමයක් පමණ මීට පෙර වැය වූ බවයි බේකරි හිමියන් පවසන්නේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ වෙළදපොලේ පවතින කහ හිඟය සහ අධික මිල හේතුවෙන් බේකරි නිෂ්පාදන සිදු කිරීම ගැටළුවක් වී ඇති බවයි.

කෙසේවෙතත් කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශි‍්‍රත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කළේ ලබන වසරේ මුල් මාස කිහිපය වනවිට පවතින කහ ගැටළුව යම් තාක් දුරකට හෝ විසදෙනු ඇති බවයි.

කහ පිටරටින් ගෙන්වීම තහනම් කිරීමත් සමග නීතිවිරෝධී අයුරින් ගෙන් වූ කහ කිලෝ දහස් ගණනක් ඉකුත් දිනවල අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.