Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා මරණ සියයට 40ක හේතුව හෙළිවේ




මෙරට සිදුවූ කොරෝනා මරණවලින් සියයට 40 ක් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ එලෙස මියගිය බහුතරය නිධන්ගත රෝගවලින් පෙළුනු පුද්ගලයින් බවයි. 

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. 

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 20,000 සීමාව ඊයේ  ඉක්මවා ගියා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,171 ක්. ඉන් අසාදිතයින් 14,069 දෙනෙකු පූර්ණ සුවය ලබා මේවනවිටත් රෝහල්වලන් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 6,015 ක්.