Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රතිශක්තිය වඩවා කොරෝනා මැඩලන්න කළුදුරු තෙල් වලට විශේෂ හැකියාවක් ඇත - ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය M.H.A තිසේරා




දිනෙන් දින ආසාදිතයන් වැඩිවෙමින්, දේශීය මරණ සංඛ්‍යාව ඉහළ යවමින් ජනතාව වෙත දෙවන වරටත් බලපෑම් කළ කොවිඩ්-19 මාරාන්තික වෛරසයට තවමත් ඖෂධ  හෝ එන්නතක් සොයාගෙන නැහැ. එනිසා නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතරේ ඉන් මිදෙන්න ඇති හොඳම ක්‍රමය වන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම යි.

කොරෝනා මැඩලන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දායකත්වය මෙම අවස්ථාවේදී විශාල වශයෙන් කතාබහට ලක් වී ඇත.දේහ ප්‍රතිශක්තිය වර්ධනයට අපගේ අතීතයේ භාවිතයට ගැනුණු නොයෙකුත් ආයුර්වේද වටිනාකම් ඇති ඖෂධ සහ ශාකසාර වර්තමානයේ දී ද භාවිතයට ගනිමින් පවතී.

ශ්‍රි ලංකාවේ පමණක් නොව විදේශීයවත් මෙවැනි ඖෂධීය වටිනාකමකින් යුක්ත විවිධ දෑ භාවිතයට ගැනුණි. එවැනි පසුබිමක් තුළ ලෝකයේ කොරෝනා මැඩලන්න විශාල වශයෙන් කතාබහට ලක්වුණු ඖෂධයක් ලෙස කළුදුරු තෙල් හැඳින්විය හැක. වර්තමානයේ විද්‍යාත්මක පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරු වල ඇති ප්‍රතිශක්තිය වර්ධනය කිරිම හැකියාව තහවුරු කර ඇත.

වසර 3000 තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්ථමානයේදී ප‍්‍රතිශක්තිය වර්ධනයට ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිතා කරයි. ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක්‍රමවල ද මෙහි භාවිතය හොඳින් සඳහන් කර ඇත.

කළුදුරුවල අන්තර්ගත ප්‍රධාන සක්‍රිය ඝටකය වන thymoquinone මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිදියුණු කරන බව ලොකයේ පිළිගත් විශ්ව විද්‍යාල බොහොමයක් මගින් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

මෙම සංඝටකය මගින් රුධිරයේ සුදු රුධිරාණු ප්‍රමාණය හා එහි ප්‍රබලත්වය ඉහළ නංවන අතර ශරීරයට ඇතුළු වන බැක්ටීරියා සහ වෛරස් වැනි විෂබීජ එමගින් විනාශ කර දමයි. එම නිසා covid -19 වැනි මාරාන්ත්‍රික වෛරසය වලට එරෙහිව සටන් කිරීමට මෙම කළුදුරු සතුව විශාල හැකියාවක් ඇති බවට සඳහන් කිරීමට පුළුවනි.

සොබාදහමින් එල්ලවුණු මේ වෛරස අභියෝගයට කළුදුරු තෙල් තේ හැන්දක් මී පැණි ස්වල්පයක් සමග කලවම් කර උදෑසන කෑමට පසු දිනපතා පානය කළ හොත්, ඔබටත් 'අටඅනූවක් රෝග දෝස වලින් රැකෙන්නට නිරෝගී, සෞඛ්‍යමත් ජීවිතයකට උරුමකම් කියන්නටත් නිතැතින්ම හැකිවේ.

(මහාචාර්ය M.H.A තිසේරා)

(Sponsored Article)