Friday, April 26, 2024

General line - 0115112241

අළුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම් - පුණ්‍ය කාලය රාත්‍රී 08 යි 09 ට උදාවෙයි - නෙත් නැකැත් චාරිත්‍ර සෙංකඩගල සිට

කමල් සුරවීර / පර්සි කුරුනේරු / එම් කේ නන්දසේන / මාධව කුලසූරිය




පුණ්‍ය කාලය උදාවීමට තවත් ඇත්තේ හෝරා දෙකකටත් අඩු කාලයක්. මෙවර නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද රාත්‍රී 08.09 ට උදාවන අතර එය අවසන් වන්නේ හෙට පෙරවරු 08.57 ටයි. ඒ අනුව අද රාත්‍රී 08.09 ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

නෙත් එෆ් රේඩියෝව මෙවර ද සියලු නැකැත් චාරිත්‍ර ඉටුකිරීම සඳහා සූදානමින් සිටිනවා. මෙවර එම නැකැත් චාරිත්‍ර සිදුකරන්නේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ මහනුවර, දන්තුරේ, දෙල්දෙණිය පිහිටි කොබ්බෑකඩුව වලව්වේ සිටයි. එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 


මේ අතර මෙවර අළුත් අවුරුදු උදාවේ සියලු නැකැත්වලින් පසු විශේෂ ආශිර්වාද සෙත්කවි ප්‍රචාරය කිරීමට ද නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා. 

පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම සදහා මේවනවිටත් ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළද මාලිගාව වෙත ද මේවනවිට ජනතාව පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුලු අටමස්ථාන ද මේවනවිටත් බැතිමතුන්ගෙන් පිරී පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පර්සි කුරුනේරු සදහන් කළේ.

මේ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද පස්වරු පහට කිරි ඉතිරවීමෙන් පසුව වසා දැමුණා. යළිත් එම දේවාලය හෙට පස්වරු 2ට විවෘත කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ.

උතුරේ ජනතාව ද පුණ්‍ය කාලයේ ආගමික වතාවත් සඳහා කෝවිල් වෙත පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.