මන්නාරම, වෙඩිතලතිව්කුලම ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසනවා.
ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී වෙඩිතලතිව්කුලම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ සඟවා තිබියදී එම කේරළ ගංජා සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
එහිදී පාර්සල් 13ක අඩංගු කේරළ ගංජා කිලෝග්‍රෑම් 28ක් හමු වී තිබෙනවා.
එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මඟින් රැගෙනවිත් තිබෙන අතර ඒවා බෙදා හැරීමට සුදානම් කොට තිබියදී පොලිසිය විසින් එලෙස සොයාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.