Wednesday, February 5, 2025

General line - 0115112241

අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට




වෙඩි තබා මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මට්ටක්කුලිය, කඳිරානවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. 

සැකකරු සන්තකයේ තිබී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයා ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ.

2022 වසරේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සහ 2023 වසරේ කොටහේන ප්‍රදේශයේදී පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධවල වෙඩික්කරු වශයෙන් ක්‍රියා කළ සැකකරු මොහු බවටයි විමර්ශනවදී අනාවරණය වී ඇත්තේ. 

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.