සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබෙනවා.
කම්කරු කොමසාරිස් ජනරාල් එච් කේ කේ ඒ ජයසුන්දර මහතා ඉල්ලා සිටින්නේ 011 2 201 201 යන දුරකථන අංකය අමතා ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙසයි.
එම දුරකථන අංකය මඟින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම සේවය ලබාගත හැකි බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
අදාල සේවාවන් ලබාගත හැකි දුරකථන අංකය නැවතත්. 011 2 201 201
මේ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.