Wednesday, February 5, 2025

General line - 0115112241

ඉතිහාසයේ ප්‍රථමවතාවට කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස කුරියර් ආයතනයකින් සොයා ගැනේ




බි්‍රතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ පාර්සලයක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ කාර්ගෝ කුරියර් අංශයේ සිදු කළ පරික්‍ෂාවකදීයි. මෙහිදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65ක් සහ කොකේන් මිලි ලීටර 500ක් සොයාගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 13කට ආසන්න බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාව කරන පුද්ගලයෙක්. 

මෙය කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස කුරියර් ආයතනයකින් හමුවූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව බවයි රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ.