Wednesday, February 5, 2025

General line - 0115112241

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල




කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර, සිය ගමන් මලු‍ තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ විදේශික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. 

මෙම වැටලීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 40ක ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසුවේ. 

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙක්.

ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවිසැළක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ක්‍රියාත්මකයි.