Saturday, April 27, 2024

General line - 0115112241

හිසකෙස් වර්ණ නිෂ්පාදනයේ අද්විතීය අබා හර්බල් බ්ලැක් හෙනා පරිසර හිතකාමී ඇසුරුමක් සමග නව පෙනුමකින්




ස්වභාවික ශාඛ සාර 9 ක ගුණයෙන් පොහොසත් අබා හර්බල් බ්ලැක් හෙනා පරිසර හිතකාමී නව ඇසුරුමකින් සහ පෙනුමකින් වෙළඳපොළට එළිදැක්වීම පිළබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කෙරුණි. සැමට හුරු පුරුදු ග්‍රෑම් 10 යේ සැෂේ ඇසුරුම වෙනුවට වඩාත් පරිසර හිතකාමී වීදුරු බෝතල් ඇසුරුමක් හඳුන්වාදෙමින් හිස්කේ වර්ණාලේපන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම හිඳිමින් තම පාරිසරික තිරසාරබව කෙරහි ඇති වගකීම ඉටුකිරීම මෙහි අරමුණයි. 

ස්වාභාවික හිසකෙස් වර්ණ සන්නාමයක් වන අබා හර්බල් බ්ලැක් හෙනා, ඇසුරුම්කරණයේ ඇතිකල මෙම නව තිරසාර පියවර කාලෝචිත පියවරකි. මෙම උත්සාහය සමාජ හා පාරිසරික වගකීම සඳහා අබා සන්නාමයේ   ඇති කැපවීම පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. විවිධාකාර නිෂ්පාදන සහ සැෂේ  ඇසුරුම්  නිසා ඇති වන මහා පරිමාණ අපද්‍රව්‍ය වලින් දිනෙන් දින වර්ධනය වන පාරිසරික ගැටළු අවම කිරීමට මෙය ආදර්ශමත් මුල පිරීමකි.

නව වීදුරු බෝතල් ඇසුරුම සඳහා වඩාත් වගකීමෙන් යුතුව තෝරාගත් අමුද්‍රව්‍ය භාවිතා කරන අතර එහි ප්‍රතිපලයක් ලෙසනිෂ්පාදනයපරිසර හිතකාමී හා ආකර්ශනීය ඇසුරුමක් ලෙස එලි දක්වා ඇත. එයපිටත ඇසුරුම, මුද්‍රිත ලේබලය සහිත වීදුරු බෝතලය සහ භාවිත උපදෙස් පත්‍රිකාවකින් සමන්විත වේ.
වසර 2012 දී ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට හඳුන්වාදුන් අබා,ඉතා ඉක්මන් කාල පරාසයක් තුළ,මිලියන ගණන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් විය. කොහොඹ,කෝමාරිකා,ගොටුකොල, උලූහාල් ඇතුළු ඖෂධ 9 ක යහගුණයෙන් පිරි අබා නිෂ්පාදනයේ විශිටත්වය නිසාම එය ඉතා ජනප්‍රිය නිෂ්පාදනයක් බවට පත්ව තිබේ. අබා නාමය  පුරාණ සංස්කෘත වචනයෙන් අලංකාරය සහ ආකර්ෂණය යන අර්ථය නිරූපණය කෙරේ.  

මෙම නව හරිත ඇසුරුම්කරණ වැඩසටහනත් සමගඅබාසිය ගනුදෙනුකරුවන් අතර විශ්වාසය හා සුහදතාවය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. අබා සන්නාමය සුප්‍රසිද්ධ සම්මානලාභී සිනමාවේ කීර්තිමත් සබීතා පෙරේරා මහත්මිය සහ සහතිකලත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනුමත කරනු ලැබේ.
නව වීදුරු බෝතල් ඇසුරුම  2021 ජූලි මස අවසන් වන විට දිවයින පුරා ව්‍යාප්ත වනු ඇත.

‘’පාරිසරික විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ඍජුව ක්‍රියා කිරීම මගින් ගොඩ්රිජ් හිසකෙස් වර්ණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස ආදර්ශයක් දී ඇත. ගොඩ්රිජ් සෑම විටම ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් අනෙකුත් වෙළඳපලවල ද බොහෝ දේ පළමුව හඳුන්වා දීම සඳහාපුරෝගාමී ව කටයුතු කර ඇත.’’ යනුවෙන්  සීමාසහිත ගොඩ්රිජ්ශ්‍රී ලංකා සමාගමේප්‍රධානී අශ්වින් ගුරුනාදන් මහතා  පැවසීය.

සීමාසහිත ගොඩ්රිජ් ශ්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ අංශ ප්‍රධානී කසුනි බණ්ඩාර මහත්මිය මෙසේ අදහස් දැක්වීය. අපගේ සීඝ්‍රයෙන් අලෙවිවන අබා හර්බල් බ්ලැක් හෙනා සඳහා නව පරිසර හිතකාමීඇසුරුමක් හඳුන්වාදීමනිසැකවම පාරිසරිකතිරසාර බව මනසේ තබා ගනිමින් තැබූ දැවැන්ත පියවරක්. හිසකෙස් වර්ණ ව්‍යාපාරයේ ප්‍රමුඛයෙකු ලෙස ඇසුරුම් අපද්‍රව්‍ය අවම කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් අපගේ කොටස ඉටු කිරීම අප ආයතනයේ වගකීමයි. එවිට අන් අයද අපගේ ගමන් මග අනුගමනය කරනු ඇත.’’

අබා හර්බල් බ්ලැක් හෙනා සඳහා නව ඇසුරුම් හඳුන්වා දීම ගොඩ්රිජ් සමාගමේ හිසකෙස් වර්ණ නිෂ්පාදන පෙළ පරිසර හිතකාමී නිෂ්පාදන බවට පත් කිරීමේ පියවර රැසක තවත් එක් සුවිශේෂී පියවරක් පමණි.

 

( දිගුකාලීන සන්නාම තානාපති සහ සම්මානලාභී සිනමා තරුවක් වන සබීතා පෙරේරා විසින් නව අබා හර්බල් බ්ලැක් හෙනා බෝතල් ඇසුරුම පිළිගත් අයුරු.)