Friday, April 26, 2024

General line - 0115112241

සෙලාන් බැංකුව #ResponsibleMe වැඩසටහන ඔස්සේ COVID-19 ආකල්ප වල සැබෑ වෙනසකට මුලපුරයි




සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, COVID-19 රෝග ව්‍යාප්තිය අතරතුර ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා
දැනුවත් වීමේ සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ #ResponsibleMe වැඩසටහනට දැවැන්ත ප්‍රතිචාරයක් මේ වනවිට හිමි වී තිබේ.

මාස දෙකකට පෙර අභ්‍යන්තර වැඩසටහනක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන ඉන් අනතුරුව වඩාත් පුළුල් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේද ක්‍රියාත්මක කරන ලද අතර, අදාළ විෂයන් පිළිබඳ විශේෂඥයන්ද ප්‍රසිද්ධ කරළියේ හා මාධ්‍යන් වල ඒ පිළිබඳව සංවාද කරනු දැකිය හැකි විය.

“කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයකට මුහුණ දීමට අපට සිදු වී ඇති අවස්ථාවක පවා මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපැදීම, රට තුළ
COVID-19 රෝගීන් වාර්තා වීම ඉහළ යාමට හේතුවක් වී තිබෙන බව අපට දකින්නට පුළුවන්. අප #ResponsibleMe වැඩසටහන ක්‍රියාවට නැංවූයේ මෙවැනි
තත්ත්වයක් හමුවේ අප සෑම දෙනාටම වගකීමක් පැවරී ඇති බව පෙන්වා දීමටයි.

රෝගය පැතිර යාම වැළැක්වීමට තමන් සතු වගකීම නිවැරදිව ඉටුකිරීමට සියලු දෙනා යොමුකරවීම යනු දුෂ්කර, එහෙත් මේ අභියෝගකාරී අවස්ථාවේදී කළ යුතුම දෙයක්. එමෙන්ම සමාජ ශික්ෂණය, දයාව, වගකීමෙන් කටයුතු කිරීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම යනාදිය මේ මොහොතේදී අත්‍යවශ්‍යයි.

මේ ප්‍රතිඥාව සුරැකීමට සුළු කැපකිරීමක් කිරීම තුළින් අපට රටේ අනාගතය වෙනුවෙන් විශාල යහපතක් සිදුකිරීමට හැකිවේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි හා විකුණුම්, ගාමික ද සිල්වා මහතා පැවසී ය.

අභ්‍යන්තර වැඩසටහනක් වශයෙන් මෙය ආරම්භ කරමින් සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවෝ #ResponsibleMe පණිවිඩය පැතිරවීම බාරගත්හ.

ඒ යටතේ, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්ම ඔවුන් විසින් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය අවකාශයන්
ඔස්සේ පෙන්වා දෙන ලදි. ඉක්මනින්ම රටේ කැපීපෙනෙන පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් මෙම පණිවිඩය ලබාදීමට එක්වූ අතර, #ResponsibleMe වැඩසටහන කෙටි කාලයක් තුළ බෙහෙවින් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්විය.

තමන් සහ තම ආදරණීයයන් මෙන්ම රටේ සමස්ත මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිසි පරිදි දැනුවත්ව, වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී සියල්ලෝම සාමූහික පණිවිඩයක් ඔස්සේ අවධාරණය කළහ.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දෑත් සේදීම සහ මුහුණු ආවරණ පැළඳීම වැනි කායික පුරුදු අත්‍යවශ්‍ය වන අතරම, දීර්ඝකාලීන ආරක්ෂාව උදෙසා, තමන් සතු වගකීම පිළිබඳ ආකල්පමය වෙනසක් සියලුම දෙනා තුළ ඇතිකිරීම අතිශයින් වැදගත් වේ. මෙම පණිවිඩය සන්නිවේදනය කිරීම සඳහා, වගකීම්සහගත ආයතනයක් ලෙස, ඩිජිටල් අවකාශයේ ක්‍රියාකාරීව කටයුතු කරන මාධ්‍යවේදීන්ද සම්බන්ධ කරගෙන මාධ්‍ය හමුවක් පැවැත්වීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය.

මෙම වැඩසටහනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා සහ සායනික මනෝ වෛද්‍ය විශේෂඥ නයනානන්ද කුමාරනායක යන මහත්වරුන් සහභාගී වූ සංවාදයක්ද ඇතුළත් විය.

එහිදී සෞඛ්‍ය විධිවිධාන සම්බන්ධයෙන් ජනතාව දක්වන අඩු උනන්දුව, වසංගත රෝග තත්ත්වයන්ට අදාළ මනෝවිද්‍යාත්මක පැතිමානයන් සහ, එවැනි
චර්යාවන්ට තුඩුදෙන මානසික සෞඛ්‍ය අභියෝගයන් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙහිදී මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා මහතා, වසංගත රෝග තත්ත්වයක් නිසා ඇතිවන සාමූහික තෙහෙට්ටුව හෙවත් ‘Pandemic Fatigue’ පිළිබඳව
අදහස් දැක්වී ය. මින් අදහස් වන්නේ දරුණු වසංගත තත්ත්වයකට දීර්ඝ කාලයක් තිස්සේ මුහුණදීමට සිදුවීම නිසා ඇතිවන සාමූහික අසුභවාදී හැඟීම
හෝ මානසික ස්වභාවයයි.

මෙමගින් මිනිසුන්ට තමන් බරපතළ දුෂ්කරතා නිසා පීඩාවට පත් වී සිටින බවත්, සංචරණ සීමාවන් තවදුරටත් දරාගත නොහැකි ලෙසත් පෙනී යන අතර, ඒ ඔස්සේ ඔවුහු සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා හැරීමට පෙළඹෙති. වසංගත රෝග තත්ත්වයක් පාලනය කිරීමට නම් මුළුමහත් ප්‍රජාවම ඒ සඳහා සූදානම් කරවීම වැදගත් බව පෙන්වා දුන් මහාචාර්යවරයා, #ResponsibleMe වැඩසටනනේ මූලික අරමුණු ඉටුකර ගැනීම සඳහා පෞද්ගලික වශයෙන් හා සාමූහික වශයෙන් පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

වෛද්‍ය නයනානන්ද කුමාරනායක මහතා පැවසුවේ වසංගත රෝග ව්‍යාප්තිය නිසා ඇති වී තිබෙන සීමාවන් හමුවේ ජනතාව පැහැදිලි අවදානමකට මුහුණ දී සිටින බවයි.

මෙම තත්වයෙන් මිදීම සඳහා පුද්ගලයන් නිසි වගකීම සියතට ගෙන කටයුතු කළ යුතු ය. එමෙන්ම මේ දුෂ්කර කාලපරිච්ඡේදයේදී වසංගත රෝග තත්ත්වයක් යනු කුමක්ද යන්න වටහා ගැනීමට දරුවන්ට උපකාරී වෙමින්, ඉන් මිදීම සඳහා ඔවුන්ට මගපෙන්වීම වැඩිහිටියන්ගේ වගකීමක් බවද ඒ මහතා අවධාරණය කළේ ය.

COVID-19 රෝග ව්‍යාප්තිය දිගින් දිගටම මෙරට ජන ජීවිතයට බලපෑම් එල්ල කරමින් පවතින මේ මොහොතේ, සාම්ප්‍රදායික බැංකු සේවාවන්ගේ සීමාවෙන්
ඔබ්බට යමින් ජනතාවට සේවය කිරීම සඳහා සෙලාන් බැංකුව කැපවී සිටී.

ගනුදෙනුකරුවන්ට නිවසේ සිටම තම බැංකු සේවා අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා www.seylan.lk ඔස්සේ සියලු පහසුකම් සලසා දී තිබේ.

තෝරාගත් ශාඛාවන්, ATM යන්ත්‍ර 215 ක්, පැය 24 පුරා ක්‍රියාත්මක Smart Banking සේවාව සහ 0112 008888 අංකය ඔස්සේ ලබාදෙන පාරිභෝගික සේවාව යනාදියද,

බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට සේවාවන් සැලසීම සඳහා ක්‍රියාත්මක වී පවතී. www.seylan.lk/branch-locator වෙත පිවිසීමෙන් සෙලාන් බැංකුවේ
ශාඛාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.

-අවසානයි-

සෙලාන් බැංකුව පිළිබඳව සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන
සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216
ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 86 කට ද හිමිකම් කියයි.

ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර දැන් එම බැංකුව S&P Dow Jones SL 20 දර්ශකයටද ඇතුළත් වී සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.