Saturday, April 27, 2024

General line - 0115112241

සාර්ථක ව්‍යවසායකයෙකු විය හැක්කේ කාටද?



සාර්ථක ව්‍යවසායකයෙකු යනු අභියෝගවලට මුහුණ දී ජයග්‍රාහීව ඉදිරියට යාමට හැකි පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති “ඉසව්” චින්තක පෙරේරා පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලමිටඩ් කණපිට සංවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

බොහෝ තරුණයින් සතුව ව්‍යාපාරික අදහස් ඇතත් තමන්ගේ නිෂ්පාදනය අලෙවි කිරීම සම්බන්ධයෙන් නිසි අදහසක් නොමැති බවයි මෙම වැඩසටහනට එක්වූ ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු, බස්නාහිර උතුර සුදත් ලියනගේ සඳහන් කළේ.