Saturday, April 27, 2024

General line - 0115112241

පාලන තන්ත්‍රියේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා ද මෙරට ආර්ථිකය කඩාවැටීමට තවත් ප්‍රධානතම හේතුවක්



රටක පාලන තන්ත්‍රියේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා ද මෙරට ආර්ථිකය කඩාවැටීමට තවත් ප්‍රධානතම හේතුවක් බව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර, පාරිපාලන, මානව සම්පත් කළමණාකරණ පශ්චාත් උපාධි පාඨමාලාවේ කළමණාකරු, ආර්ථික දේශක දීපාල් ලක්‍ෂ්මන් බටදූවආරච්චි පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින්.

හෙළ කොකෝ එනර්ජි ආයතනයේ ප්‍රධානී හරේන්ද්‍ර මහකුමාරද මෙම වැඩසටහනට එක්වුණා.  මෙරට දල දේශීය නිෂ්පාදනයට වැඩි වශයෙන් දායක වන සුළු ව්‍යවසායකයින් නිසි තැනට ස්ථාන ගත කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් පාලකයින්ට නොමැති බවයි ඔහු සදහන් කළේ.