Friday, April 26, 2024

General line - 0115112241

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 07ක ජයග්‍රහණයක්




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 175ක් රැස්කළා. නිතිෂ් රනා පන්දු 36කදී ලකුණු 54යි. ඇන්ඩි්‍ර රසල් පන්දු 25කදී නොදැවී ලකුණු 49ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. රාහුල් ත්‍රිපාති පන්දු 37කදී ලකුණු 71ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 04ක් ද සමගයි. ඒඩ්න් මැක්‍රම් පන්දු 36කදී ලකුණු 68ක් රැස් කිරීමට සමත් වුණා.